ග්‍රාම නිලධාරින් සඳහා ඊ ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතියක්

Share

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් හරහා සේවා කාර්යයන් ලබාගැනීමට ඉලෙක්ට්‍රොනික ලේඛන සහ ඉලෙක්ට්‍රොනික වාර්තා නවීකරණය කිරීම සඳහා පහසුකම් සලසමින් ඉලෙක්ට්‍රොනික ගණුදෙනු ඊ ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය සඳහා තාක්ෂණික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

Read more

Local News