ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුලට ගෙන ඒමට උත්සාහ කල හෂීශ් වර්ගයේ විශ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4.091ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය ඊයේ (02) සමත් වී තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ සීදූව සෙරන්ඩිබ් කාගෝ ගමන් බඩු නිශ්කාෂන ආයතනයේ දී.
ආහාර ද්‍රව්‍ය අඩංගු යැයි රේගුවට ප්‍රකාශ කර තිබූ පාර්සලයක් තුල සඟවා තිබූ මෙම හෂීශ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 61.36ක් වනවා.
අදාල පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට ආ ඒජන්තවරයා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව තුල මත්ද්‍රව්‍ය පාලනය සඳහා වෙනම ඒකකයක් ක්‍රියාත්මක වනවා.



