දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

ඊයේ (03) සවස් කාලයේ දී තණමල්විල පොලිස් වසමේ කුකුල්කටුව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් වූ සාම මාවත, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News