තෝරාගත් දිස්ත්‍රික්ක 09ක මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන හෙට (06) සිට අරඹන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ පවසනවා.
පළමු පියවර ලෙස සරම්ප මාත්‍රාව ලබාදීමේ දිස්ත්‍රික්ක 09ක් තෝරා ගන්නේ රෝග ව්‍යාප්තියත්, එන්නත්කරණය ප්‍රතික්ෂේප කළ පිරිස් වැඩි වශයෙන් සිටින ස්ථානත් හදුනාගනිමින් බවද, මෙය මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර එන්නත් මාත්‍රාවක් වශයෙන් ලබාදෙන බවද, එම දරුවන්ගේ නියමිත වයස් සම්පූර්ණ වීමේදී අදාළ මාත්‍රා ලබාගත යුතු බවද ඔහු වැඩිදුරටත් පවසනවා.
කොළඹ, ගම්පහ, කලුතර, නුවර, ගාල්ල, මාතර සහ කල්මුණේ යන ප්‍රදේශ මූලික කරගනිමින් ජනවාරි 06 වනදා එක්දින එන්නත්කරණ වැඩසටහන ඇරඹෙන බවද, එදිනට මෙම දිස්ත්‍රික්කවල ඇති සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවද පැවසුවා.



