සැකකරුවෙකු නොමැති කේරළ ගංජා සහ අබිං තොගයක් අත්අඩංගුවට

Share

යුක්ති මෙහෙයුමට සමගාමීව සිදුකරන මෙහෙයුම්වල දී අද (08) වන දින පේදුරුතුඩුව පොලිස් වසමේ වල්ලිපුරම් මුහුදු තීරයේ තිබී සැකකරුවෙකු නොමැති කේරළ ගංජා 28 kg සහ අබිං 48kg ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකසහිත ලෙස මුහුදු තීරයට ගොඩගසා තිබු පාර්සල් කිහිපයක් පිළිබඳව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සොයා පේදුරුතුඩුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News