ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ප්‍රථම වරට විශේෂ අවශ්‍යතා සහිත (ඔටිසම් -Autism Spectrum Disorder) සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලාවක් (Information & Communication Technology Technician NVQ Level 2) ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන මගින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා වෘත්තියක් සඳහා අවශ්‍ය කුසලතා හා රැකියා අවස්ථා ලබාදීමටයි එම අධිකාරිය සැලසුම් කර ඇත්තේ.
තව ද මේ හරහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් /සිසුන් සවිබල ගැන්වීම, රැකියා අවස්ථා ලබා දීම තුළින් ඔවුන්ගේ ආර්ථික ස්‌වයං පෝෂිතභාවය ප්‍රවර්ධනය කිරීම හරහා රටේ ආර්ථිකයට ඔවුනගේ ද නොමසුරු දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණයි.
මෙම වැඩසටහන රටේ විශේෂිත සිසුන් සමුහයක් වෙනුවෙන්, සාමාන්‍ය වෘත්තීය පුහුණු ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් රැකියා සම්බන්ධක පුහුණු පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙමගින් ආයතනය තුළ පුහුණුවට සමාන්තරව කර්මාන්ත ගත පුහුණුව ද ලබාදීම තුළින් ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමට අපේක්ෂා කරේ.
මෙම වැඩසටහනේ සමාරම්භය අද (09) නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.



