ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 950 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර රුපියල් මිලියන 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ දී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.



