උසස් පෙළ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

Share

පසුගිය 04 වනදා ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින් හට බාධාවන අකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ සම්බන්ධයෙන් සියලුම විදුහල්පතිවරුන් වෙත සහ දෙමව්පියන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඇතැම් පාසල් තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ අධික ශබ්ද නැගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරන බවට විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබෙන බවත් එවැනි ක්‍රියාකාරම් විදුහල් ආශ්‍රිතව සිදු නොකරන ලෙසත් විභාග කොමසාරිස්වරයා සියලු විදුහල්පතිවරුන්ට අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News