යුක්තියට තවත් 999 කොටුවෙයි

Share

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 453 g
අයිස් 306g 40mg
කොකේන් 940g
ගංජා 57 kg 317g
ගංජා පැල 31168 ක්
හෂීස් 1g
මාවා 147g 50 mg
තුල් 14 g 50mg
මත්පෙති 234 ක්
ඈෂ් 1 g 50mg
මදන මෝදක ගුලි 629 g

මෙහෙයුමේ දී මුලු සැකකරුවන් 999 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 31 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලලබනවා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 26 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 54 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News