රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 86 කණුව ආසන්නයේදී, ඊයේ (09) උදෑසන මිහින්තලය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා සහ මගීන් දෙදෙනෙකුද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගොස් තිබුනේ වයස අවුරුදු 62 ක් වූ පහල කළැත්තාව, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News