විශ්‍රාමිකයින්ට ලැබුණු සුබ ආරංචිය

Share

විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාට ඊයේ (10) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ,

“වසර ගණනාවක් පුරා ප්‍රමාදවෙමින් පවතින විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා වූ මුල්‍යමය අර්බුදයකට අපි මුහුණදුන්නා. ඒ අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අතර දීර්ඝව පැවැති සාකච්ඡාවන් නිසා ක්‍රමනුකූලව මෙය ලිහිල් කරගැනීම සඳහා වූ කාර්යට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා. ඒ අනුව 2023 දෙසැම්බර් මාසය මුදල් අමාත්‍යාංශය විසින් අපිට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයින් මුහුණදුන් විශාල ජයග්‍රහණයක්.”

Read more

Local News