නිමි ඇඳුම් හා විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක්

Share

මුල්ලියාවේලි තන්නිරුට්ටු නගරයේ ඊයේ (10) අළුයම ඇඳුම් හා විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් දේපල හානි පමණක් සිදුව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදු වී නොමති බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News