කෙසෙල්වත්ත මාටිස් පටුමග කොළඹ 12 ප්රදේශයේ ඊයේ (11) රාත්රීයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 48 ක පුද්ගලයෙක්.
ඔහු කොළඹ 12 ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ ඝාතනයක් බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.



