කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16 ක ජල කප්පාදුවක්

Share

අද (13) පස්වරු 5.00 සිට පැය 16 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අදාළව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් නිසා මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ. 

Read more

Local News