බෝයවලාන පොලිස් වසමේ දුන්දෙණිය ජනපදය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී දඹදෙනිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 42 ක් වන දුන්දෙනිය ජනපදය, මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනය පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ ඝාතනයක් බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදු කල සැකකරු, ආරවුලට මැදිහත් වූ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා අලව්ව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබනවා.



