උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දින මෙන්න

Share

මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මීට පෙර එනම් පසුගිය 12 වනදා එහි දෙවන කොටස අවලංගු කළේය.

එමෙන්ම පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කිරීමටයි තීරණය කර අත්තේ.

ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙන අතර එහි පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.

Read more

Local News