නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(18) පස්වරුවේ උගන්ඩාව වෙත ළඟා විය.
එහිදී එරට ඉඩම් හා නාගරික සංවර්ධන අමාත්‍ය Ruth Nankabeirwa ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස පිළිගනු ලැබීය.



