පාර්ලිමේන්තුව හෙට රැස්වේ

Share

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට (23) සහ අනිද්දා (24) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයකර තිබෙනවා.

2024 ජනවාරි දෙවන පාර්ලිමේන්තු සතියට අදාළව පාර්ලිමේන්තු හෙට (23) සහ අනිද්දා (24) පමණක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෙට (23) පෙ.ව 9.30 ට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ආරම්භකිරීමට නියමිත අතර එය ප.ව 5.00 දක්වා පැවැත්වේ.

Read more

Local News