යුක්තියට ඔත්තු දුන්නොත් මුදල් තෑගි

Share

නීති විරෝධී ගිනි අවි හා බෝම්බ අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

“ යුක්තිය ” මෙහෙයුම මඟින් සිදු කරනු ලබන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එම සාර්ථක තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියොජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නීති විරෝධී ගිනි අවි හා බෝම්බ අත්අඩංගුවට ගැනීමේ දී එම වැටලීම සිදු කිරීමට තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News