ගුරු පත්වීම් 5,500ක්

Share

විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා විෂයන් සඳහා ගුරුවරු බඳවා ගැනීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

සංවර්ධන නිලධාරින් ලෙස සේවය කරන උපාධිධාරින් 22,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ දෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.

ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙනු ඇති බව ද පැවසුවා.

Read more

Local News