කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සණත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා මියගොස් තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන්.
කන්ටේනර් රථයේ ගැටුණු ජීප් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා.



