කොස්ගොඩ පොලිස් වසමේ කයිකාවල මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 28ක් වන වත්තේහේන, තල්ගස්වල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු ඔහුගේ පවුලේ අය හා ඥාතීන් කිහිපදෙනෙකු සමඟ වන්දනා ගමනක් සඳහා පැමිණ අනතුරුව කයිකාවල මුහුදු තීරයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



