රිය අනතුරක් – එක් අයෙක් මරුට

Share

කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ ගලගෙදර පොලිස් ස්ථානය ආසන්නයේ දී කටුගස්තොට දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ සහල් පටවාගත් කන්ටේනර් ලොරි රථයක් බෑවුම් මාර්ගයක ධාවනය කරමින් සිටියදී, මාර්ගයේ වම්පස කොන්ක්‍රීට් බැම්මක ගැටී ලොරි රථය පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු සහ රිය සහයක ගලගෙදර රෝහලට ඇතුලත් කිරිමේ දී රිය සහයක මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 33ක් වන බරන විලාන්, තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News