නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.



