මුලතිවූ පොලිස් වසමේ පුදුමාතලන් ප්‍රදේශයේ මුහුදු වෙරළේ පිරිසක් සමඟ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට මුලතිව් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අතුරුදහන් වූ අය වයස අවුරුදු 32 ක පුදගලයෙක් බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වූ අය ඥාතීන් පිරිසක් සමඟ ඉහත ප්‍රදේශයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
නාවික හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.



