අඟුරුවාතොට, දොඹගොඩ යුධ හමුදා කඳවුර තුල පිහිටි කුඩා වැවක තිබි ඊයේ (29) උදෑසන යුද හමුදා සෙබලෙකුගේ මෘත ශරීරයක් හමුව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබලෙකුයි.
ඔහු වයස අවුරුදු 23ක් වූ තෙලුල්ල ජනපදය, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් අද (30) දින පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



