අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය හෙට (01) පැවැත්වීමට නියමිතයි.
විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැති නම් පමණක් වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.




