කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රීයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර
තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 40 ක පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනියම් සම්බන්ධතාවයක් නිසාවෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනයේ දී කරුණු අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුව අත්අඩගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



