වර්ජනය නිසා රෝහල්වලට හමුදාව

Share

දිවයින පුරා රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යෙදවූ බව යුද හමුදාව පවසනවා.

Read more

Local News