ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසාහි 27,000 කට දිවි අහිමි වෙයි

Share

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මේ වන විට ගාසා තීරයේ පුද්ගලයන් 27,019 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 66,139 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඛාන් යුනිස් හි නසාර් සහ අල් අමල් රෝහල ආශ්‍රිතව පවතින දරණු සටන් නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලය, තුවාල ලැබුවන්ගේ සහ අවතැන් වුවන්ගේ ආරක්ෂාව අනතුරේ පවතින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය පවසනවා.

එසේම රෝහල් දෙකේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔක්සිජන්වල බරපතල හිගයක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Read more

Local News