තැන තැන සිදුවන මාරක රිය අනතුරු

Share

හොරණ රත්නපුර මාර්ගයේ පොකුණුවිට ප්‍රදේශයේ දී හොරණ දෙස සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 03 ක් වූ දියණිය තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කිරීමේ දී බිරිඳ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 40ක් වන රයිගම, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එසේම කල්පිටිය පාලවිය මාර්ගයේ කුරිඤ්ඤම්පිටිය ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය ඉදිරිපිට දී ත්‍රීරෝද රථයක් කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ධාවනය කර අතුරු මාර්ගයකට හැරවීමේ දී එම මාර්ගයේ පැමිණි තවත් ත්‍රිරෝද රථයක ගැටී ඊයේ (04) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් වයස අවුරුදු 65ක පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News