රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුමේ නැවැත්වීමේ දී එම දිශාවටම ඊට පිටුපසින් ධාවනය වූ ලොරි රථයක් රියදුරුට නවත්වා ගැනීමට නොහැකිව බස් නැවතුමේ සිටි මගියාගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ මගියා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 52ක් වූ මුරුතවල, පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News