රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
වසර 53ක ඉතිහාසයේ ඔවුන් වර්ජනයක් ක්‍රියාත්මක කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් දිවයිනේ සියලුම රජයේ ඔසුසැල් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
අඩුවට බෙහෙත් පෙත්තක් ගන්න තිබුණු අවස්ථාවත් අහිමි වී ගිය රෝගීන් අද පත්ව ඇත්තේ ඉතා අසරණ තත්ත්වයකටයි.



