2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුනු ඉල්ලුම්කරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමකින් තොරව ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබා ගැත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වන විට සියළුම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉල්ලුම්පත්‍රයේ නිවැරදි ලිපිනය සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතුමත එය මෙතක් නොලද ඉල්ලුම්කරුවෙකු වේනම් www.drp.gov.lk දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් බාගත කර ගැනීහට පහසුකම් සලාසා තිබෙනවා.
ඉල්ලුම්පත් අංකය හා ඉල්ලුම්පත්‍රයේ සඳහන් කරන ජංගම දුරකථන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය ඇතුළත් කිරීම අනිවාර්යය බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.



