මෝදර වෙඩි තැබීමක්

Share

මෝදර වීදිය ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 51 ක් වූ මහවත්ත පටුමග, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකරු මෝදර වීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක කලමණාකරු වශයෙන් සේවය කරන අතර, ඔහු එම අවන්හලේ ගේට්ටුව ආසන්නයේ සිටිය දී, කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News