වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු මරුට

Share

මුලතිව්, තන්නිමුරුප්පු කැලෑබද ප්‍රදේශයක දී ඊයේ (14) උදෑසන පුද්ගලයෙකුට වෙඩි වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක තන්නිමුරුප්පු, මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු, ඔහුගේ පුතා හා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ වෙල්යායක පිහිටි පැලක රැදී සිටිමින් කැලෑ ප්‍රදේශයේ පැණි එකතු කිරීමක් සිදු කර තිබෙනවා.

එම පැලේ ගිනි මැලයක් ගසා සිටියදී, ඔවුන් රැගෙන යන ලද ගිනි අවිය ගිනි ගොඩට වැටීමෙන් එය ක්‍රියාත්මක වී අදාළ පුද්ගලයාට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News