බුලත්සිංහල, කුඩා ගඟේ දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 61ක, බදුරලිය ප්රදේශයේ මීගවයින් රැකබලා ගන්නා ලද පුද්ගලයෙක්.
ඔහු විසින් ගවයින්ට තණකොළ කැවීම සඳහා කුඩා ගඟ ප්රදේශයට ගොස් තිබෙනවා.
පසුව නැවත ඔහු නිවසට නොපැමිණීම නිසාවෙන් සිදු කළ සොයා බැලීමේදී ඔහු විසින් රැගෙන යන ලද කෙවිට හා හැද සිටි ඇඳුම කුඩා ගඟේ ඉවුරේ තිබී හමු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසාවෙන් ඔහු දියේ ගසා ගොස් ඇති බවට පොලිසිය සැකපළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



