චුන්නාකම්, ඉණුවිල් කරුණාකරපිල්ලෙයාර් කෝවිල් මාර්ගය අසල දී ඊයේ (14) සවස අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ වෑන් රථයක් යාපනය සිට කන්කසන්තුරය බලා ධාවනය වූ දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ බිළිඳිය යාපනය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී රියදුරු (පියා) හා බිළිඳිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක පිරිමි පුද්ගලයෙක් සහ වයස මාස 03ක දියණියක්.



