හඟුරන්කෙත, කැටිල්ලවල ප්‍රදේශයේ දී ඊයේ (15) සවස පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටී බරපතල තත්ත්වයෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53ක ඇකිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.



