සංචාරක කර්මාන්තය නිරීක්ෂණයට ජනපති දකුණේ චාරිකාවක

Share

මෙරට සංචාරක කර්මාන්ත ආශ්‍රිත කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා.

මෙහිදී සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්ගේ ගැටළුවලට ද විසදුම් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද ජනාධිපතිවරයා කටයුතු කළා.

මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර එම නව වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

Read more

Local News