ව්‍යාජ අයදුම් පත්‍රයක් පිළිබඳ දැනුවත්කිරීමක්

Share

2024 වර්ෂයේ කොරියානු භාෂාව විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතිනවා.

එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කර සිටිනවා.

එම ව්‍යාජ google form වෙත ඔබගේ තොරතුරු ලබා දීමෙන් වලකින ලෙසයි එම කාර්යාංශය දන්වා සිටින්නේ.

එසේම මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය ද නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස්, විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙසයි දන්වා සිටින්නේ.

වැඩි විස්තර 1989 අමතා ලබා ගන්නා ලෙසත් එම කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News