පසුගියදා (17) පුත්තලම හොරයිසන් පාක් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව බරපතල තත්ත්වයෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඊයේ (18) උදෑසන මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 32ක පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර කුඹුක්ගැටේ වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ නිවසකදී ඊයේ (18) රාත්‍රියේදී පියා විසින් පුතාට මිටියකින් පහරදීම හේතුවෙන් ඝාතනයක් සිදුව තිබෙනවා.
මියගොස් ඇත්තේ අවුරුදු 30ක වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිය ගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පියගෙන් මුදල් ඉල්ලීමේ දී ඇති වූ ආරවුලක් නිසාවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවත් විමර්ශන වලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකල අවුරුදු 60ක සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



