යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

Share

මහරගම – පිළියන්දල මාර්ගයේ නීලම්මහර මාර්ගයට ප්‍රවේශ වන හන්දිය අසලදී ඊයේ (18) අළුයම සිදු වූ මාරක රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මහරගම දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදියක් නීලම්මහර මාර්ගයට හැරවීමට යාම්දී පිළියන්දල දෙස සිට මහරගම දෙසට ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් එක් යතුරුපැදියක පැදිකරු හා පසු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන මහරගම හා කටුවාවල ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News