අහුංගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ ඊයේ (19) උදෑසන නිවසකින් මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
අසල නිවසක පුද්ගලයෙකු විසින් තම නිවසට යාබද නිවසක තනිව පදිංචි කාන්තාවක් දින ගණනාවක සිට නොදුටු බවත්, එම නිවසින් දුඟදක් හමන බවටත් සඳහන් කරමින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම කාන්තාවගේ සිරුර සොයා ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව එම නිවස තුළ පුටුවක් මත මියගොස් සිට ඇති අතර සිරුර දැඩි ලෙස දියවී ගොස් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක එගොඩමුල්ල, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



