කහවත්ත, පැල්මඩුල්ල නෝනගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්වත්ත හංදිය ඉදිරිපිටදී ඊයේ (19) උදෑසන ධාවනය වූ කැබ් රථයක් මාර්ගය අයිනේ ගමන්ගත් පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාවන් දෙදෙනා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක වඩුගෙදර, අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.



