ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Share

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය, කතානායක මහින්ද යාපා අබේවර්ධනට දන්වා තිබෙනවා.

මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක අපිත් රාජපක්ෂයි.

තවද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

Read more

Local News