අඩම්පන්, මුල්ලිකණ්ඩාල් වැව ආසන්නයේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අඩම්පන් පොලිසිය විසින් ඊයේ (20) සිදුකළ විමර්ශනයකදී යි.
අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 33 හා 55 වයස්වල පසුවන උයිලන්කුලම හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අඩම්පන් පොලිස් ස්ථානය මේ සම්න්ධයෙන් වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.



