කාන්තාවන් ගෘහ සේවයට යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට යෝජනාවලියක්

Share

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඊයේ (20) දැනුම් දී තිබෙනවා.

සිය නිල X ගිණුමෙහි පණිවුඩයක් ද සටහන් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.

ඒ අනුව, වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

Read more

Local News