ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

පේරාදෙණිය පොලිස් වසමේ මුරුතලාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ක්‍රිකට් පිත්තකින් සහ පොල්ලකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වූ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News