රිකිල්ලගස්කඩ දිඹුල්කුඹුර මාර්ගයේ කඳුරහේන ප්රදේශයේදී ත්රීරෝද රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු, පිටුපස අසුනේ ගමන් ගත් ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවා බරපතල තුවාල ලබා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කිරීමේ දී බිරිඳ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රියදුරු හා වයස අවුරුදු 06 ක පිරිමි දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 47 ක් වූ කටුගස්තොට ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.



